iranama
මිනිස්සු තලගොයට එහෙම කරන්නේ නැහැ.
තලගොයෙක් වාසය කරන නිවසේ නිවෙස් හිමියාට කිසිදාක කෑම බීම වරදින්නේ නැහැ. මේක ප්‍රබල ජ්‍යෙdතිෂ මතයක්. ඒ වගේම තමයි රාත්රියේදී තලගොයා ලගින නිවසේ ගෘහමූලිකයාට භවභෝග සම්පත් පමණක් නොව මිනිස් සම්පත ද නොඅඩුව ලැබෙනවා. නිවාසවලට ඉඳහිට කඩාපාත්වන අමනුෂ්‍ය දෝෂ මඟහැරී යැමටත් තලගොයා නිවසක සිටීම ප්‍රබල හේතුවක් බව ජ්‍යෙdතිෂ මතයයි.
අලුතින් නිවසක් ඉදිකරන භූමියේ තුඹසක් නොවන තැනක තලගොයකු වාසය කරන්නේ නම් එම නිවසට ධනයෙන් අඩුවක් ඇති නොවෙයි. ඒත් තලගොයා සිටින්නේ තුඹසක නම් නිවසේ ගෙපැල කැපීමට පෙර ඒ තුඹස සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතුයි. තලගොයා සිටින තුඹස ඉවත් නොකරන්නේ නම් නිවසේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද විය හැකියි. අමාරුවෙන් හෝ නිවස ඉදිකර ගනු ලැබුවත් කරදර, ධනහානි ඒ නිවසේ බහුල වෙයි.
ඒත් තලගොයකු වෙසෙන තුඹසක මැටි ගුළියක් මැදිකොට කළු කුමාර දොaෂයට බලි ඇරීමෙන් කළු කුමාර දෝෂය සම්පූර්ණයෙන්ම මඟහරවා ගත හැකිය. නමුත් මේ තුඹසේ කබරගොයකු නිතර නිතර සක්මන් නොකරන බව නියත වශයෙන් ම සැක හැර දැන ගත් පසුව බලියට මැටි ගැනීමට මතක තබා ගන්න. එසේ නොවුණහොත් කළුකුමාරයාගේ දෝෂයට වඩා විශාල දොaෂයක් ඔබ වෙත කඩා වැටෙයි.
ජ්‍යෙdතිෂ ප්රතිකර්මවලට අනුව තලගොයාගේ රූපයක් ඇඹුල් කෙසෙල් ගසක කඳේ සහ කෙසෙල් කොළයේ ඇඳ ඊට යටින් ඔබ භාවිත කරන නමේ ඉතාම ප්‍රචලිත කොටස ලියූ විට කේතු හා කුජගෙන් ඔබට සිදුවන අපල මඟහරවා ගත හැකිය. එමෙන්ම තමන් වෙසෙන තැන තලගොයන්ට කෑම දීමෙන් නිවසට සුබපල උදා කර ගත හැකිය.
ඔබ ගමනක් යන විට තලගොයෙක් මුණගැසී එම සතා ඔළුව උස්සා ඔබ දෙස බලයි නම් ඔබ යන ගමන සාර්ථක වේ. ගමනේදී ආහාර පානවලින් හිඟයක් නොවේ. ජ්‍යෙdතිෂ මතවලට අනුව තලගොයා හමුවී ගමන් යැම රාජාධි මහාමාත්‍යවරුන්ගේ සහ උසස් ප්රභූන්ගේ ගෞරවයට පාත්‍ර වීමට හේතුවක් වන්නේය.
තලගොයකු වතුර බොන තැනකින් දිය දොaතක් ගෙන තෙල් එඬරු කොළ. බැබිල කොළ, ආඩතෝඩා (පාවට්ටා) කොළ, අමුකහ, සියඹලා දලු මිශ්‍ර කොට දිය දොaත දමා තම්බා නෑමෙන් බුධ, කුජ අපල දුරුවෙයි. දිය නාන වතුරට මුලින් කී තැම්බූ වතුර මුට්ටිය එකතු කළ යුතුයි.
ඔබ ගොවියෙක් නම් තලගොයාගේ මලපහ එවලේම කාක් පිහාටුවක ගා කුඹුරක ගොවිපළක මායිමේ එල්ලන්නේ නම් මේ කුඹුර හෝ ගොවිපළ වන සතුන්ගෙන් ආරක්ෂා වෙයි. වල්ඌරු මස් කැබල්ලෑ මස් ආදිය එම කුඹුරට හෝ ගොවිපළට රැගෙන ඒමෙන් ද අනුභව කොට පැමිණීමෙන් ද ඔබ වැළකිය යුතුය.
පෙර රජ දවස රජවරුන් තම නිධානයෙන් හි ලකුණු වශයෙන් යොදන ලද්දේ ද තලගොයාගේ රූපයයි. වල්ගය හකුළා ගෙන සිටින තලගොයාගේ රූපය ඇති විට වස්තුව ඇත්තේ ඉතාම ළඟය. කෙළින් සිsටින තලගොයාගෙ මෙන්ම පිටතට පුම්බා ගලේ කොටන තලගොයකුගේ රූපය ඇත්නම් එම නිධානයේ රාජාභරණ ඇතුළුව ඇති වස්තුව අති සම්භාර බව නිධන් වදුලේ විස්තර වෙයි.
තලගොයාට හිරිහැර කිරීම තමන් කලකෝලාහලවලට පැටලීමට හේතුවක් බව ප්‍රකාශ කරන ජ්‍යෙdතිෂය තලගොයකු මරා මස් කොට අනුභව කිරීමෙන් එම තැනැත්තාට දෙවියන් කෝප වන බව ද විස්තර කරයි. තලගොයාට උගුල් ඇටවීම වධදීම පවුල් ජීවිතය අවුල් වීමට හේතුවකි. තලගොයා මරා මස් කෑම පවුලේ සාමාජිකයන්ට අකල් මරණවලට හේතුවෙයි.
තලගොයි බිත්තර බැද අනුභව කිරීමෙන් ඉපදීමට සිටින දරුගැබ විනාශ වෙයි. ගැබිනි මවුවරුන් තලගොයි මස් පිළියෙල කිරීම හා තලගොයි බිත්තර බැදීම දරු ප්‍රසූතියේදී බාධා හා වේදනාවන් ගෙන ඒමට හේතුවකි. එහෙත් උතුරු, උතුරු මැද පළාත්වල තලගොයකු ඇල්ලීමට සමත් නොවන තරුණයෙකුට දූවරුන් දීග නොදෙයි. ඊට හේතුව දොළ දුක් සමයේදී තලගොයි මස් හා තලගොයි බිත්තර අනුභව කිරීමට පැරැණි කාන්තාවන් රුචියක් දක්වන නිසාය. දඩයමේ දක්ෂ බල්ලන් යොදවා තලගොයි ඇල්ලීම අදටත් මේ පළාත්වල වැසියන්ගේ පුරුද්දකි.
මිනිසාගේත් ගොවියාගේත් ඉතාම සුහද සතෙකු වන තලගොයා මිනිසාට කිසි විටෙකත් හිරිහැර නොකරයි. ජ්‍යෙdතිෂ මතවලට අනුව තලගොයා නිසා මිනිසාට බොහෝ සැප සම්පත් විඳිය හැකි බවත් තලගොයා ආරක්ෂා කිරීම මනුෂ්‍යයාගේ යුතුකමක් වෙයි
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks